• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය නිසා පීඩාවට පත් වන ඉඩම් හිමියන්ගෙන් අත් කරගනු ලබන ඉඩම් සඳහා තක්සේරු වටිනාකමට අමතරව වන්දි දීමනාවක් ගෙවීම
- මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීමේදී ඇති වූ දීර්ඝකාලීන ප්‍රමාදය හා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව තිබූ අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් ව්‍යාපෘති ප්‍රදේශය තුළ මූලික යටිතල පහසුකම් ආසන්න ප්‍රදේශවලට සමගාමීව සංවර්ධනය නොවීම සහ ව්‍යාපෘති ප්‍රදේශයේ පදිංචිකරුවන් ඔවුන්ගේ නිවාස අලුත්වැඩියා නොකිරීම නිසා, ව්‍යාපෘතියට අත්පත් කර ගන්නා දේපළවල තක්සේරුගත වන්දි ප්‍රමාණය අඩු වීම සැලකිල්ලට ගෙන ලග්ගල හා නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ස්ථිර පදිංචිව සිටි ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වූ පිරිස් සඳහා 50% ක අමතර වන්දියක් ගෙවීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණි. එහෙත්, අදාළ සමාලෝචන කමිටුවේ වාර්තාවට ඇතුළත් වී නොමැති, මෙම ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වූ බවට පසුව තීරණය කෙරුණු මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් සඳහා ද එම 50% අමතර වන්දිය ගෙවීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.