• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික තිරසර සංවර්ධන ප්‍රතිපත්තිය හා උපක්‍රමය
- රටෙහි සංවර්ධනය සඳහා තිරසර සංවර්ධන අභිමතාර්ථ ළඟා කර ගැනීමෙහි වැදගත්කමත්, තිරසර ලෙස සංවර්ධිත ලෝකයක් නිර්මාණය කිරීම සඳහා වන ගෝලීය උත්සාහයන් සඳහා අපගේ කැපවීමත්, සෑම රාජ්‍ය සංවිධානයක්ම එක් රජයක අංගයක් ලෙස කටයුතු කළ යුතු බවත් සැලකිල්ලට ගනිමින් සෑම අමාත්‍යාංශයකම පොදු දැක්ම ලෙස 'තිරසර ලෙස සංවර්ධිත ශ්‍රී ලංකාවක්' යන්න භාවිතා කිරීමටත්, සෑම පළාත් සභාවකම දැක්ම ලෙස 'තිරසර ලෙස සංවර්ධිත ශ්‍රී ලංකාවක් සඳහා තිරසර ලෙස සංවර්ධිත ..... (අදාළ පළාතේ නම) පළාතක්' යන්න භාවිතා කිරීමටත්, සෑම අමාත්‍යාංශයක් විසින් ම තිරසර සංවර්ධන අභිමතාර්ථ සඳහා ප්‍රමුඛතාව දෙමින් මහජන සේවා සැපයීමේ උපායමාර්ග සැකසීමටත්, සෑම රජයේ ආයතනයක් විසින් ම එසේ හඳුනාගත් උපායමාර්ග යටතේ වැඩසටහන් හා ව්‍යාපෘති හඳුනාගැනීමටත්, තිරසර සංවර්ධන පනත මඟින් පිහිට වූ තිරසර සංවර්ධන සභාව මඟින් තිරසර සංවර්ධනය සම්බන්ධයෙන් වන ජාතික ප්‍රතිපත්තියක් හා උපායමාර්ග සකස් කරවීමටත් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.