• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ජාතික තිරසර සංවර්ධන දැක්ම 2030
- අතිගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිත ව පත් කරන ලද විශේෂඥයන් 41 දෙනෙකුගෙන් යුත් කමිටුව විසින්, 'තිරසර ශ්‍රී ලංකාව 2030 දැක්ම සහ උපායමාර්ගික මාවත' නමින් සම්පාදනය කොට තිරසර සංවර්ධන සභාව වෙත භාර දෙන ලද වාර්තාව ඉදිරියේදී තිරසර සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ග සැකසීමේදී උපායමාර්ගික මග පෙන්වීම ලෙස යොදා ගැනෙනු ඇත. තිරසර සංවර්ධන ඉලක්ක සහ අරමුණු ආශ්‍රිතව ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ගය සකසා නිමවන තුරු, 2020 වාර්ෂික අයවැය සඳහා අමාත්‍යාංශ විසින් යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේදී ඉහත සඳහන් වාර්තාවෙහි විස්තර කර ඇති ආංශික ප්‍රමුඛතාවයන්, නව මූලාරම්භයන් සහ විකල්පයන් ඇසුරෙන් වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීම සුදුසු බවට අතිගරු ජනාධිපතිතුමා විසින් කර ඇති නිර්දේශය අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.