• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂිකර්ම අංශය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය - කෘෂි තාක්ෂණ ආදර්ශන උද්‍යාන සැලසුම් කර ස්ථාපනය කොට, ක්‍රියාත්මක කර, කළමනාකරණය කොට ව්‍යාපෘතියේ සහාය ලබන ගොවි නිෂ්පාදන සංවිධාන වෙත පැවරීම පිණිස උපදේශන සේවාවක් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව
- ලෝක බැංකු මූල්‍යාධාර මත ක්‍රියාත්මක වන කෘෂිකර්ම අංශය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කෘෂි තාක්ෂණ ආදර්ශන උද්‍යාන සැලසුම් කර, ස්ථාපනය කොට, ක්‍රියාත්මක කර, කළමනාකරණය කොට ඒවා ගොවි නිෂ්පාදන සංවිධාන වෙත පැවරීමේ කාර්යය ඉටු කිරීම සඳහා වන උපදේශන සේවාව සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව නවසීලන්තයේ සීමාසහිත FCG ANZDEC සහ ස්වීඩනයේ FCG Swedish Development AB යන සමාගම්වලින් සැදුම්ලත් බද්ධ ව්‍යාපාරය වෙත ප්‍රදානය කිරීම පිණිස, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.