• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනිවාර්ය බෝග වගා රක්ෂණ කටයුතු සඳහා 2019/20 මහ කන්නය හා 2020 යල කන්නය සඳහා ප්‍රතිරක්ෂණ ආවරණ කටයුතු සිදු කිරීම
- ස්වාභාවික ව්‍යසනයකදී හානි පූර්ණය සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් රජයටද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයටද දැරීමට සිදුවන මූල්‍ය අවදානම අවම කරලීම සඳහා ප්‍රතිරක්ෂණ වැඩපිළිවෙළකට ඇතුළත් වීමට 2018 වසරේදී කටයුතු කර ඇත. ඒ අනුව අනිවාර්ය බෝග වගාව රක්ෂණය වඩාත් සඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා 2019/2020 මහ කන්නයට හා 2020 යල කන්නයට අනිවාර්ය බෝග වගාවන් සඳහා නිසි ප්‍රසම්පාදන ක්‍රමවේදයන්ට යටත්ව ප්‍රතිරක්ෂණ කටයුතු සිදු කිරීම පිණිසත්, රෝග, පළිබෝධ හා වන සතුන්ගෙන් වගාවන්ට වන හානි සඳහා සුදුසු රක්ෂණ වාර මුදලක් ගොවීන්ගෙන් අය කර ගැනීමට යටත්ව බෝග රක්ෂණ ආවරණය ව්‍යාප්ත කිරීම හා එම ආවරණය ද ප්‍රතිරක්ෂණ ආවරණයට ඇතුළත් කිරීම පිණිසත්, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.