• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දංකොටුව ජලසම්පාදන ව්‍යාපෘතිය
- පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ඉතා සීඝ්‍රයෙන් දියුණු වන උප නගර ලෙස හඳුනාගෙන ඇති වෙන්නප්පුව, දංකොටුව හා නාත්තන්ඩිය ප්‍රදේශවල පානීය ජල සම්පාදනය වැඩි දියුණු කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් දංකොටුව ජලසම්පාදන ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව බෙල්ජියමේ M/s BESIX S.A. ආයතනය වෙත යුරෝ මිලියන 28 ක් හා රුපියල් මිලියන 5,004 කට ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.