• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතුරුදහන් වීම පිළිබඳ සහතිකය ලද ග්‍රාහකයන් සඳහා අතුරු සහනාධාරයක් ප්‍රදානය කිරීම
- අතුරුදහන්විම පිළිබඳ සහතිකය හිමි ප්‍රතිලාභීන් සඳහා 2019 ඔක්තෝබර් මස 10වන දින සිට සෑම මසකම 10වන දිනට ඍජු මුදල් තැන්පත් කිරීමක් මඟින් මාසිකව රුපියල් 6,000/-ක අතුරු සහනාධාරයක් ප්‍රදානය කිරීම සඳහාත් අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තා සැලකිල්ලට ගෙන, බලපෑමට ලක්වූ පවුල් විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලුම්පත් සඳහා අතුරුදහන්වීම පිළිබඳ සහතික ලබා දෙන ලෙස රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවට නියෝග කිරීම සඳහාත්, මුදල් අමාත්‍යතුමා; සහ ජාතික ඒකාබද්ධතා, ‍රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.