• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'People of Sri Lanka' ග්‍රන්ථයෙන් තෝරාගත් ජනවර්ග 10ක් පිළිබඳ වාර්තාමය වැඩසටහන් 10ක් නිර්මාණය කිරීම
- 'People of Sri Lanka' නම් ග්‍රන්ථය පදනම් කරගනිමින් ප්‍රවීණ සිනමාවේදී බර්ට්‍රම් නිහාල් මහතා විසින් නිෂ්පාදනය කිරීමට නියමිත ජනවර්ග පිළිබඳ වාර්තාමය වැඩසටහන්වල පිටපත් පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා විධිමත් කමිටුවක් මඟින් පූර්ව අනුමැතිය ලබාගැනීමට යටත්ව, අදාළ කාර්යය ඉදිරියට කරගෙන යාම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ප්‍රවීණයන් 05 දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් සම්පත්දායකයන් වශයෙන් සම්බන්ධ කරගැනීම පිණිස ජාතික ඒකාබද්ධතා, ‍රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.