• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ කොටස් වෙළඳ පොළ විසින් පනවා ඇති පොදු කොටස් හුවමාරු වීමේ අවම සීමාව 10% නියමය ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රාග්ධනයෙහි රජය සතු ව්‍යාපාර සහ දායකත්ව අරමුදල් මඟින් ආයෝජනය කර එමඟින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් හිමිකාරිත්වය ශක්තිමත් කිරීමේ යෝජනාව
- ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම, රජය සතු වෙනත් ව්‍යාපාර සහ දායකත්ව ආයෝජන අරමුදල් ගණනාවක් මඟින් 52.92%ක කොටස් හිමිකාරිත්වය පාලනය කරන සහ 2.1%ක කොටස් හිමිකම මහජනතාව සතු මෙරට ප්‍රධානතම විදුලි සංදේශ සේවා සැපයුම්කරු වේ. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් 2013 වර්ෂයේදී හඳුන්වා දී ඇති නව රෙගුලාසියක් අනුව ලැයිස්තුගත සමාගම්හි 'පොදු කොටස් නිදහසේ හුවමාරු වීම' අවම වශයෙන් 10% සීමාවේ පවත්වා ගැනීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් සම්පූර්ණ කළ හැකි වනු පිණිස සේවක අර්ථසාධක අරමුදල, සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ලංකා බැංකුව, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල සහ මහජන බැංකුව යන රජය සතු ව්‍යාපාර සහ දායකත්ව අරමුදල්වලට සිය අධ්‍යක්ෂ මණ්ඩලයන්හි අනුමතීන්ට යටත් ව ශ්‍රී ලංකා ටෙලිකොම් කොටස් ප්‍රාග්ධනයෙහි ආයෝජනය කිරීමට උපදෙස් දීම පිණිස මුදල් අමාත්‍යතුමා සහ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමා ඒකාබද්ධව කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.