• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
05 ශ්‍රේණි ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමේ ක්‍රමවේදය සංශෝධනය කර අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වැඩි පිරිසකට ද්විතියික අධ්‍යාපන පහසුකම් සලසා දීම
- වර්තමානය වන විට පහ(05) ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලබන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 15,000ක් සඳහා රජය මඟින් වාර්ෂිකව රුපියල් මිලියන 625ක පමණ ශිෂ්‍යාධාර පිරිනමනු ලබයි. 2019 වර්ෂයේ පටන් ඉදිරියට මෙම ශිෂ්‍ය සංඛ්‍යාව 20,000 දක්වා වැඩි කිරීම, ඔවුන් සඳහා මාසික ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 500 සිට රුපියල් 750 දක්වා වැඩි කිරීම, 2019 වසරේ සිට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පවුල්වල ශිෂ්‍යාධාර ලබා ගැනීමට සුදුසුකම් ලබන මාසික ආදායම් සීමාව රුපියල් 15,000 ලෙස සංශෝධනය කිරීම සහ සියලුම ශිෂ්‍යාධාර ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 20,000 නොඉක්මවන පරිදි, විභාග දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරනු ලබන විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා ශිෂ්‍යාධාර වෙන් කිරීම යන යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු යොදන බව දන්වමින් අධ්‍යාපන අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ දැනගැනීම පිණිස ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සටහන අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.