• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියා හා ශාන්තිකර කලාප‍යේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කවුන්සිලය හා විධායක කමිටු රැස්වීම - 2019
- ආසියා හා ශාන්තිකර කලාප‍යේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ විධායක කමිටු රැස්විම 2019 ඔක්තෝබර් මස 8 සහ 9 යන දිනවලදීත්, මෙහෙයුම් කමිටු රැස්වීම 2019 ඔක්තෝබර් 11 දිනයේදීත් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතය. ඒ අනුව, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද එකී රැස්වීම් සඳහා වන ඇස්තමේන්තුගත පිරිවැය, අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.