• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'හරිත උද්‍යාන' අයවැය ශීර්ෂය යට‍තේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය වෙත ජාතික අයවැයෙන් වෙන් කරන ලද මහා භාණ්ඩාගාර ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- 'හරිත උද්‍යාන' අයවැය ශීර්ෂය යට‍තේ වෙන් කරන ලද ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මින් පෙර අනුමැතිය ලබා දී ඇත. මේ යටතේ පුත්තලම හා බලංගොඩ නව ව්‍යාපෘති සහ ව්‍යාපෘති 19ක ඉතිරි වැඩ විෂය පථය එනම් ළමුන්ගේ ක්‍රීඩා උපාංග සහ ව්‍යායාම උපකරණ සැපයීම සහ ස්ථාපනය කිරීම, භූමි අලංකරණය, මධ්‍යම ඉංජිනේරු සේවා සමාගමට පවතින අයවැය සීමාව තුළ ප්‍රදානය කිරීම පිණිස, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.