• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්නපුර දෙමළ විද්‍යාලයට රත්නපුර නව නගරයේ ඉඩමක් වෙන් කිරීම
- රත්නපුර දෙමළ විද්‍යාල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා රත්නපුර නව නගර පරිශ්‍රය තුළින් අක්කර 03ක පමණ ඉඩම් කොටසක්, රජයේ ඉඩම් වෙන් කිරීම සම්බන්ධ ලේකම්වරුන්ගේ කමිටුවේ නිර්දේශයට යටත්ව සබරගමුව පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට වෙන් කිරීම පිණිස, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.