• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුතුරාජවෙල කර්මාන්ත කලාපයේ පිහිටි ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු අක්කර 13 රූඩ් 01 පර්චස් 00.95ක් වූ ඉඩම් කොටසක් සී ඒ ක්‍රෂින් පුද්ගලික සමාගම වෙත බදු දීම
- පිටත වටරවුම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කටයුතු මේ වන විට නිමවීමට ආසන්න මට්ටමේ ඇත. ඒ අනුව එම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් සමාගම වන මෙටලොජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා සමාගම වෙත ව්‍යාපෘති අවශ්‍යතා සඳහා වාර්ෂික බදු පදනම මත ලබා දී ඇති මුතුරාජවෙල කර්මාන්ත කලාපයේ පිහිටි ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු භූමි ප්‍රමාණයෙන් අක්කර 13 රූඩ් 01 පර්චස් 00.95ක බිම් ‍ කොටසක් එකී ව්‍යාපෘතිය සඳහා නිෂ්පාදිත වැලි හා මාර්ගය ඉදිකිරීම සඳහා අවශ්‍ය වන ගල් ඇතුරුම් සපයනු ලැබූ සී ඒ ක්‍රෂින් පෞද්ගලික සමාගම වෙත මධ්‍යම පරිසර අධිකාරිය හා අදාළ අනෙකුත් ආයතනවල අනුමැතිය ලබා ගැනීමට යටත්ව වසර 30ක කාල සීමාවක් සඳහා බදු දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.