• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය මඟින් කොළඹ වරාය නගරය තුළ රජයට අයත් ගොඩකරන ලද ඉඩම් හි ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය, ජාත්‍යන්තර පාසල සහ රෝහල ආදී කඩිනම් සංවර්ධන කාර්යයන් සඳහා උපායමාර්ගික ආයෝජකයින් සෙවීමේ යෝජනා
- අලුතින් ඉදිකළ කොළඹ වරාය නගරයෙහි ඉඩම් ගොඩකිරීමේ කාර්යය මේ වන විට අවසන් කර ඇති අතර මේ සම්බන්ධයෙන් අනුමත සංවර්ධන ප්‍රධාන සැලැස්ම සහ සංවර්ධන පාලන රෙගුලාසි විධිවිධාන වලට අනුකූලව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සඳහා වූ ජාතික නියෝජිත ආයතනයේ සහය ඇතිව එම භූමියෙහි ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර පාසල, යාබද බිම් කොටසේ සම්මන්ත්‍රණ හෝටලයක් සඳහා ආයෝජනය කිරීමේ විකල්පය සහිතව ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර රෝහල සඳහා ආයෝජකයන් වෙතින් යෝජනා කැඳවීම පිණිසත්, එම යෝජනා ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුකූලව සමාලෝචනය කිරීම සඳහා සාකච්ඡා කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීම පිණිසත්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.