• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම
- උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීම, නඩත්තු කිරීම හා පරිපාලනය කිරීම සඳහා වන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත, මෑතකාලීන සංවර්ධනයන් සමග පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන ඵලදායී ලෙස නියාමනය කිරීම පිණිස ශක්තිමත් නෛතික රාමුවක් සැපයෙන පරිදි සංශෝධනය කරවීම අවශ්‍ය වී ඇත. විශේෂඥ මණ්ඩලයක් විසින් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති සංකල්ප පත්‍රිකාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුතු ව පත් කරන ලද නිලධාරි කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශ වාර්තාව අනුව එකී පනත සංශෝධනය කරවීම පිණිස ගරු අග්‍රමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.