• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැළණිය දකුණු ඉවුර ජලසම්පාදන ව්‍යාපෘතිය - අදියර II
- කැළණිය, වත්තල, මහර, බියගම, ජා-ඇල මෙන් ම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, නිදහස් වෙළඳ කලාපය හා ගුවන් හමුදා කඳවුර ඇතුළත් කටුනායක ප්‍රදේශය සඳහා ජල සම්පාදනය සිදු කිරීම පිණිස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන කැළණිය දකුණු ඉවුර ජලසම්පාදන ව්‍යාපෘතියේ II අදියරෙහි ව්‍යාපෘති කාල සීමාව 2020 ජුනි 22 දින දක්වා දීර්ඝ කිරීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.