• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
- ඝන, ද්‍රව හා වායුමය අපද්‍රව්‍ය කාණ්ඩයන්ට අයත් වන, දැනට පවතින හා ඉදිරියේදී ඇති විය හැකි සියලුම අපද්‍රව්‍ය වර්ග ඇතුළත් කරමින්, එම අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්වකරුවන්ගේ පොදු, එහෙත් වෙනස් වූ වගකීම් පුළුල් ලෙස හඳුනාගනිමින් කෙටුම්පත් කරන ලද අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සාර්ථක ව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන නීති රාමුව හා රෙගුලාසි සකස් කරවීම පිණිස සහ එම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.