• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නෙළුම් කුළුන ව්‍යාපෘතිය - කොළඹ නෙළුම් කුලුන සංකීර්ණය සඳහා යෝජිත වාණිජකරණ ක්‍රියාවලිය
- කොළඹ නෙළුම් කුළුණ ව්‍යාපෘතිය අවසන් කර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත නුදුරේදී ම භාර දීමට නියමිත ය. එම ව්‍යාපෘතියෙහි පහසුකම් ශ්‍රී ලාංකික ජනතාවට භුක්ති විඳීමට අවස්ථාව සැලසීම සඳහා මෙන් ම එය ව්‍යාපාරික කටයුතුවලට යොදා ගැනීම සඳහා කඩිනමින් වාණිජකරණ ක්‍රියාවලියක් ආරම්භ කළ යුතු බැවින් එම කටයුතු කළමනාකරණය පිණිස රජය සතු සමාගමක් ස්ථාපනය කිරීම සඳහා මහා භාණ්ඩාගාරයට බලය පැවරීමට ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.