• Increase font size
  • Default font size
  • Decrease font size

2019-09-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය වියදම් කළමනාකරණය
- ගරු අමාත්‍යවරුන්ගේ, ගරු කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේ, ගරු රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල හා අනෙකුත් පහසුකම් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු සීමාවන් දක්වමින් ජනාධිපති ලේකම් විසින් 2010 වර්ෂයේදී නිකුත් කර ඇති 'රාජ්‍ය වියදම් කළමනාකරණය' මැයෙන් වූ චක්‍රලේඛයේ ඇතුළත් කරුණු සැලකිල්ලට ගනිමින්, වර්තමානයට ගැළපෙන සේ උචිත සංශෝධන සහ නව කරුණු ද ඇතුළත් කොට සකස් කර අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද එකී කරුණ සම්බන්ධයෙන් වූ නව චක්‍රලේඛය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.