• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාලදිවයින් රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම
- ශ්‍රී ලාංකික වැඩිහිටි ප්‍රජාවගේ නිදහස, රැකවරණය, සහභාගිත්වය, අභිමානය ඇති කරගැනීම සඳහා විවිධ වැඩසටහන් තුළින් ඔවුන් උනන්දු කරලීම, වැඩිහිටියන් සුරක්ෂිත කිරීමට අවශ්‍ය දායකත්වය සැපයීම, අබාධ සහිත තැනැත්තන්ගේ වෘත්තීය නිපුණතා වැඩිදියුණු කිරීම හා ඔවුන් ස්වාධින පුරවැසියන් බවට පත් කිරීම යනාදී කාර්යයන් කාර්යක්ෂම හා ඵලදායී ලෙස සිදු කරගැනීම මෙන්ම ළමුන්ගේ, කාන්තාවන්ගේ, වැඩිහිටි සහ ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය ආරක්ෂා කිරීම අරමුණු කරගනිමින් මාලදිවයින් රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.