• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජපාන ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර යටතේ මහජන ආරක්ෂාව තර කිරීම හා ත්‍රස්තවාදී මර්දන කටයුතු වෙනුවෙන් ජපන් යෙන් බිලියන 1ක ප්‍රදාන ආධාර - 2019
- පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය මඟින් ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂාවට ඇති වූ අහිතකර තත්ත්වයට ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස ජපාන රජය විසින් ජපන් යෙන් බිලියන 1ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.6ක) ව්‍යාපෘති නොවන ප්‍රදානයක් යටතේ ශ්‍රී ලංකා පොලිසියේ සහ ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම වෙත ත්‍රස්ත ක්‍රියාකාරකම් වැළැක්වීම පිළිබඳ හැකියා වර්ධනය සඳහා අත්‍යවශ්‍ය වන උපකරණ ආරක්ෂක අමාත්‍යාංශය සහ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය හරහා ලබා දීමට එකඟ වී ඇත. ඒ අනුව, එම ප්‍රදානයන් ලබා ගැනීම වෙනුවෙන් වූ හුවමාරු පත්‍ර ජපන් රජය සමඟ අත්සන් කිරීම පිණිස, මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.