• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාලදිවයින් ජනරජ ආණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුව අතර වීසා විධිවිධාන පහසු කිරීම් පිළිබඳ ගිවිසුම
- මාලදිවයින් ජනරජ ආණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුව අතර වීසා විධිවිධාන පහසු කිරීම් පිළිබඳ ගිවිසුමකට එළඹීම පිණිස සහ එකී ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් තැබීමට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා වෙත බලය පැවරීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.