• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය ආධාර සපයනු ලබන තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ පැකේජ 02: කුරුණෑගල, රත්නපුර, දඹුල්ල, හා ත්‍රිකුණාමලය යන නගරවල නාගරික පහසුකම් දියුණු කිරීම, උරුමයන් සංරක්ෂණය කිරීම, ධාරිතා වර්ධනය සඳහා වන සවිස්තරාත්මක සැලසුම් සහ ප්‍රසම්පාදන කාර්යයන් සිදුකිරීම වෙනුවෙන් උපදේශකවරුන් බඳවාගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව
- තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතියෙහි පැකේජ 02 යටතේ කුරුණෑගල, රත්නපුර, දඹුල්ල, හා ත්‍රිකුණාමලය යන නගරවල නාගරික පහසුකම් දියුණු කිරීම, උරුමයන් සංරක්ෂණය කිරීම, ධාරිතා වර්ධනය සඳහා වන සවිස්තරාත්මක සැලසුම් සහ ප්‍රසම්පාදන කාර්යයන් වෙනුවෙන් උපදේශන කොන්ත්‍රාත්තුව ආසියානු සංවර්ධන බැංකුවේ එකඟතාවය සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ උපදේශක ප්‍රසම්පාදන කමිටුවෙහි නිර්දේශ මත Engineering Consultants Ltd, Sri Lanka (Lead Consultants) JV with KEIOS Srl Development Consulting, Italy සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.