• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය ආධාර සපයනු ලබන තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ පැකේජ 1: කුරුණෑගල, රත්නපුර, දඹුල්ල, හා ත්‍රිකුණාමලය යන නගරවල රථවාහන හා ‍ගමනාගමනය වැඩිදියුණු කිරීම සඳහා වන සවිස්තරාත්මක සැලසුම් සහ ප්‍රසම්පාදන කාර්යයන් සිදුකිරීම වෙනුවෙන් උපදේශකවරුන් බඳවාගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව
- තිරසර නාගරික සංවර්ධන ව්‍යාපෘතියෙහි පැකේජ 01 යටතේ කුරුණෑගල, රත්නපුර, දඹුල්ල, හා ත්‍රිකුණාමලය යන නගරවල රථවාහන හා ‍ගමනාගමනය වැඩිදියුණු කිරීම සඳහා වන සවිස්තරාත්මක සැලසුම සහ ප්‍රසම්පාදන කාර්යයන් වෙනුවෙන් උපදේශන කොන්ත්‍රාත්තුව ආසියානු සංවර්ධන බැංකුවේ එකඟතාවය සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ උපදේශක ප්‍රසම්පාදන කමිටුවෙහි නිර්දේශ මත SMEC International Pvt Ltd. Australia JV with Surbana Jurong Infrastructure Pte. Ltd. (SJIPL). Singapore and Sub-consultant as Resources Development Consultants Ltd., and Master Hellies’s Engineering Consultants (Pvt) Ltd., Sri Lanka සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.