• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වරදවල් සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කිරීම
- රට තුළ සාපරාධී ක්‍රියාකාරකම් පිළිබඳ සිද්ධීන් අති විශාල වශයෙන් වැඩි වීම නිසා ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීම කාලීන අවශ්‍යතාවයකි. එබැවින්, ඇතැම් පනත්වල සහ ආඥාපනත්වල අඩංගු විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පනවන ලද දඩ මුදල් එකී උල්ලංඝනය කිරීම් වැළැක්වීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවීම පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කර ඇත. එම කමිටුවේ නිර්දේශවලට අනුකූලව, දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වරදවල් සම්බන්ධයෙන් දඩ මුදල් වැඩි කිරීම සඳහා නීති කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම පිණිස, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.