• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 2,000ක් ඉදිකිරීම
- අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 2,000ක් ඉදිකිරීම සඳහා මූල්‍යාධාර ලබාදීමට චීන රජය එකඟ වී ඇත. මේ සඳහා මොරටුව, පෑලියගොඩ, තිඹිරිගස්යාය හා මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි වැඩ බිම් හඳුනාගෙන ඇති අතර, පෑලියගොඩ හා මහරගම නාගරික සංවර්ධන අධිකාරියට පැවරී ඇති භූමි ප්‍රදේශ ඉදිකිරීම් කටයුතු සඳහා සූදානම් කර ඇත. ඒ අනුව, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි දෙමටගොඩ, ආචාර්ය ඩැනිස්ටර් ද සිල්වා මාවතේ පිහිටි අක්කර 02 රූඩ් 01 පර්චස් 03.77ක් වූ 'එළුමඩුව වත්ත' ලෙස හැඳින්වෙන රජයේ ඉඩම රජයේ ඉඩම් ආඥා පනත යටතේ නිදහස් ප්‍රදානයක් ලෙස නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම පිණිසත්, මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බැටරි වත්ත, තෙලවල මාවතෙහි පිහිටි අක්කර 03 රූඩ් 03 පර්චස් 08.84ක් වූ ඉඩම අත්පත්කර ගැනීම සහ එම ඉඩම් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිසත්, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.