• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සංවිධානය කරනු ලබන 42 වන ආසියා ශාන්තිකර දන්ත වෛද්‍ය සමුළුව හා ප්‍රදර්ශනය
- ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සංවිධානය කරනු ලබන 42වන ආසියා ශාන්තිකර දන්ත වෛද්‍ය සම්මේලනයේ වෛද්‍ය විද්‍යාත්මක සමුළුව 2020 ජුනි මස 09 දින සිට 13 වන දින දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණශා‍ලාවේදී පැවැත්වීමට නියමිතය. එම සමුළුව සඳහා ආසියානු, ඇමෙරිකානු, යුරෝපීය හා ශාන්තිකර කලාපයන්හි රටවල් රැසක දන්ත වෛද්‍යවරුන් හා විද්වතුන් රැසක් සහභාගිවීමට අපේක්ෂා කරන අතර ලොව ප්‍රමුඛ පෙළේ දන්ත වෛද්‍ය උපකරණ හා දන්ත සංරක්ෂණ මෙවලම් සපයන්නන් හා නිෂ්පාදකයන් රැසකගේ සහභාගිත්වයෙන් ජාත්‍යන්තර දන්ත වෛද්‍ය වෙළඳ ප්‍රදර්ශනයක්ද මීට සමගාමීව පැවැත්වේ. ඒ අනුව එම සමුළුව හා ප්‍රදර්ශනය ජාතික වැදගත්කමකින් යුත් වැඩමුළුවක් ලෙස නම් කිරීමට හා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.