• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ඇති කරගනු ලබන අවබෝධතා ගිවිසුම
- ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන අංශයට අනුබද්ධව උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම තුළින් විදේශ විනිමය රට තුළට ලබා ගැනීමටද, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා දකුණු ආසියා කලාපය තුළ පුළුල් කිරීමටද, ජලසම්පාදන ක්ෂේත්‍රයේ ඉංජිනේරු විශේෂඥ දැනුම මාලදිවයින් රාජ්‍යයට ලබා දීම තුළින් ප්‍රතිලාභ අත්කර ගැනීමට ද ඉඩකඩ ලබා ගනිමින්, දෙරටේ මිත්‍රත්වය, අන්‍යොන්‍ය සහයෝගිතාවය තවදුරටත් පුළුල් කරගැනීම සඳහා, 2019 සැප්තැම්බර් මස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මාලදිවයින් සංචාරයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා මාලදිවයින් ජනරජය අතර උසස් අධ්‍යාපන හා ජලසම්පාදන ක්ෂේත්‍රයේ කාර්යයන් සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.