• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බදුල්ල - හාලිඇල - ඇල්ල ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙමෝදර රැස්කූරු ජලාශය ඉදි කිරීම සඳහා ඉඩම් අත්කර ගැනීම හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා සහන සැලසීම
- බදුල්ල - හාලිඇල - ඇල්ල ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙමෝදර රැස්කූරු ජලාශය ඉදි කිරීම සඳහා ඉඩම් අත් කරගැනීම හේතුවෙන් අවතැන් වූ, අදාළ ඉඩම්වලට ස්ථිර ඔප්පු ඇති පවුල් 05 ක් සඳහා, ඔවුන් පදිංචි ව සිටි ඉඩමේ වර්තමාන වෙළඳපොළ වටිනාකම මත පදනම් වූ වන්දි මුදලක් හා පදිංචි ව සිටි නිවසේ ප්‍රතිස්ථානගත වටිනාකම මත පදනම් වූ වන්දි මුදලක් ගෙවීමටත්, එම පවුල් 05 සහ ව්‍යාපෘතියට අත්කර ගනු ලැබූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්වල අනවසරයෙන් පදිංචි ව සිටි පවුල් 15 ඇතුළත් පවුල් 20 සඳහා ලබා දී ඇති විකල්ප ඉඩම් කොටස්වලට ඉඩම් සංවර්ධන ආඥාපනතේ විධිවිධාන පරිදි අවසර පත්‍රයක් (බලපත්‍රයක්) හෝ දීමනා පත්‍රයක් ලබා දීමටත් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.