• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ 33 වැනි වගන්තිය යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ගණන් බේරා වසා දැමීමේදී හිමිකම්පෑම්වල ප්‍රමුඛතාවය සම්බන්ධයෙන් වන නියෝග
- මූල්‍ය සමාගමක ගණන් බේරා වසා දැමීමේ ක්‍රියාවලියට පහසුකම් සැපයීම සඳහා, 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනතේ 33 වන වගන්තිය යටතේ කෙටුම්පත් කරන ලද බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගණන් බේරා වසා දැමීමේදී හිමිකම්පෑම්වල ප්‍රමුඛතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමතිය ලබා දී ඇති නියෝග මුදල් අමාත්‍යවරයාගේ අත්සනින් යුතුව 2019-05-31 දිනැති අංක 2125/58 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ පළ කර ඇත. එම ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ අනුමතියට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.