• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බදු පනත් සංශෝධනය කිරීම
- 2019 ජාතික අයවැයේදී ඉදිරිපත් වූ බදු යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහාත්, පසුව අදාළ පාර්ශ්වකරුවන් සමඟ පවත්වන ලද සාකච්ඡා හා ඔවුන්ගේ ඉල්ලීම් අනුව හඳුනාගත් සංශෝධන ඇතුළත් කිරීම සඳහාත් 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතට, 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනතට, 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනතට, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට, මුදල් පනතට සහ 1988 අංක 40 දරන ඔට්ටු හා සූදු පනතට අවශ්‍ය සංශෝධන නීති කෙටුම්පත් කරවීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.