• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගැටුම්වලින් බලපෑමට පත් උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල සම්පූර්ණ සහ අර්ධ වශයෙන් හානියට පත් වූ හින්දු ආගමික සිද්ධස්ථාන පුනරුත්ථාපනය කිරීම
- තිස් අවුරුදු යුධ ගැටුම් හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානියට පත් වූ උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල හින්දු ආගමික ස්ථාන පුනරුත්ථාපනය කිරීමේ දැඩි අවශ්‍යතාව උතුරු පළාතේ ආගමික ප්‍රභූන් සහ ජනතා නියෝජිතයින් විසින් පෙන්වා දී ඇත. ඒ අනුව, එම පුනරුත්ථාපන කටයුතු, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ පුනරුත්ථාපන වැඩසටහන යටතේ රුපියල් මිලියන 200 ක විශේෂ වෙන් කිරීමක් සහිත ව, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහය හා සහභාගිත්වය ලබාගෙන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය පරිපාලනය හරහා ක්‍රියාත්මක කරවීම සඳහා ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.