• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වෑමැඩිල්ල ජලාශයට යට වූ ඉඩම් වෙනු‍වට ලබා දුන් ඉඩම් මොරගහකන්ද ව්‍යාපෘතියට අත්කර ගැනීම‍ හේතුවෙන් එම ඉඩම් හිමියන් සඳහා ඉඩම් වෙනුවට වන්දි මුදලක් ගෙවීම
- නාඋල, ගලේවෙල හා දඹුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ක්‍රියාත්මක කරන ලද වෑමැඩිල්ල ජලාශ ව්‍යාපෘතිය සඳහා රජයට ඉඩම් අත්කර ගැනීමේදී ඉඩම් අහිමි වූ පුද්ගලයින් වෙත කන්දෙපිටවල ව්‍යාපාරය යටතේ 2008 වසරේදී ලබා දුන් විකල්ප ඉඩම් ඇතුළත් භූමි ප්‍රදේශය මොරගහකන්ද කලුගඟ සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සඳහා පසු ව රජයට අත්කරගෙන ඇත. එබැවින්, ඉහත ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වීම නිසා බලපෑමට ලක් වූ සහ ඉඩම් වෙනුවට විකල්ප යෝජනාවක් ලෙස ලබා දුන් වන්දි මුදල ලැබී නොමැති බවට පසු ව අනාවරණය වී ඇති, තවත් පුද්ගලයන් හතර දෙනෙකුට එකී ලක්ෂ 16 බැගින් වූ වන්දි මුදල ගෙවීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.