• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය' යන නාමය 'ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ දෙපාර්තමේන්තුව' ලෙස සංශෝධනය කිරීම
- 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයට ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ පද්ධතිය පරිපාලනය කිරීමේ පූර්ණ බලතල පැවරී ඇත. එයට අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා ජාත්‍යන්තර හා දේශීය ආයතන සමඟ කටයුතු කිරීමේදී ඇති වී ඇති ගැටළු නිරාකරණය සඳහා 'ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය' යන නාමය 'ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ දෙපාර්තමේන්තුව' ලෙස සංශෝධනය කිරීමට සහ ඒ අනුව, 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ 04 (1) වගන්තියේ 'ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය' යනුවෙන් වන හැඳින්වීම, 'ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ දෙපාර්තමේන්තුව' ලෙස සංශෝධනය කිරීමට අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.