• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සීමාසහිත ශ්‍රීලංකන් එයාර් ලයින්ස් සමාගම, සීමාසහිත ශ්‍රීලංකන් කේටරින් සමාගම සහ සීමාසහිත මිහින් ලංකා (පුද්ගලික) සමාගම සම්බන්ධයෙන් සිදු කරන ලදැයි කියන අක්‍රමිකතා විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කිරීම පිණිස පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව
- 2006-01-01 දින සිට 2018-01-31 දින දක්වා සී/ස ශ්‍රීලංකන් ගුවන් සමාගම, සී/ස ශ්‍රීලංකන් කේටරින් සමාගම සහ සී/ස මිහින් ලංකා (පෞද්ගලික) සමාගම සම්බන්ධයෙන් සිදු කරන ලදැයි කියන අක්‍රමිකතා විමර්ශනය කර වාර්තා කිරීම පිණිස පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින්, විවිධ පාර්ශ්වවලින් ලද ලිඛිත හා වාචික පැමිණිලි සහ වෙනත් තොරතුරු පරීක්ෂා කර නිර්දේශ 32ක් ඇතුළත් ව සකස් කරන ලද වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහාත් එම කොමිෂන් සභාවේ නිර්දේශ අනුව ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ගරු නීතිපතිවරයා වෙත යොමු කිරීමත් සඳහා අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.