• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ විවාහ හා දික්කසාද ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත හා ඒ සඳහා වන සංශෝධන මඟින් විධිවිධාන සලසා ඇත. එම පනතෙහි ඇතැම් විධිවිධාන සංශෝධනය විය යුතු බවට මුස්ලිම් ප්‍රජාවගෙන් සහ මානව අයිතිවාසිකම් සුරැකීමේ ක්‍රියාකාරීන්ගෙන් අදහස් ඉදිරිපත් වී ඇත. ඒ අනුව විවාහ විය යුතු වයස, ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය හා විවාහ වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට අදාළ විධිවිධාන ආදී කරුණු සංශෝධනය කරමින් එකී පනත සංශෝධනය කිරීම සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා; සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමිය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.