• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 41වන වගන්තිය යට‍ෙත් සාදන ලද නියෝග මාලාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- 2016 ඔක්තෝබර් මස 27 දින අංක 1990/23 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2016 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග හා 2017 පෙබරවාරි මස 13 දිනැති හා අංක 2006/13 දරන (සංශෝධිත) නියෝග තවදුරටත් සංශෝධනය කරමින් 2019 ජුනි මස 18 දිනැති හා අංක 2128/8 දරන අතිවිශෙෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. නව ප්‍රවණතාවන් යටතේ ක්‍රමවත්ව හා සාධාරණ ලෙස ක්‍රීඩා සංගම් නිලවරණ කටයුතු පැවැත්වීම තුළින් ජාතික ක්‍රීඩා සංගම්වල පරිපාලනය විධිමත් කිරීම අරමුණ කරගනිමින් නිකුත් කර ඇති 2019 ජුනි මස 18 දිනැති හා අංක 2128/8 දරන අතිවිශෙෂ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම පිණිස විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.