• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බෝගම්බර ක්‍රීඩාංගණයේ නව කෘත්‍රිම ධාවන පථයක් ඇතිරීම
- සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය යටතේ පාලනය වන බෝගම්බර ක්‍රීඩාංගණය, පළාත් ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මළල ක්‍රීඩා පුහුණු වීමේ ප්‍රධාන මධ්‍යස්ථානයකි. වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ කෘත්‍රිම ධාවන පථ සහිත ක්‍රීඩාංගණ දෙකක් පවතින අතර ඒවා කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇත. ජනාකීර්ණත්වයෙන් අඩු තරමක උන්නතාංශයක් සහිත සියලු පළාත්වල ක්‍රීඩකයින්ට පහසුවෙන් ලඟා විය හැකි බෝගම්බර ක්‍රීඩාංගණය සඳහා කෘත්‍රිම ධාවන පථයක් ඇති කරලීම කාලීන අවශ්‍යතාවයක් බැවින්, නව ව්‍යාපෘතියක් ලෙස මෙය සිදු කිරීම පිණිස විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.