• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විවෘත ර‍ාජ්‍ය හවුල්කාරිත්වය යටතේ විවෘත යුක්තිය පිළිබඳ හවුලේ සමාරම්භක සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව ඇතුළත් කිරීම
- විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව විසින් සිය දෙවෙනි විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම දැනට ක්‍රියාත්මක කරමින් සිටියි. සිය රටවල පුරවැසියන්ගේ යහපත උදෙසා යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් වන නීති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ මැනවින් ක්‍රියාත්මක කිරීමට සාමාජික රටට ඇති හැකියාව ඉහළ නැංවීමේ පරමාර්ථය සහිතව විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය පිළිබඳ මහලේකම් කාර්යාලය විසින් ඉදිරියේදී 'විවෘත යුක්තිය පිළිබඳ හවුලක්' විධිමත් පරිදි දියත් කිරීමට සැලසුම් කර ඇත. එහි සමාරම්භක සාමාජිකයන් බවට පත් වීම සඳහා එකී මහලේකම් කාර්යාලය විසින් විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය පිළිබඳ රාජ්‍යයන්ට ආරාධනාවක් කර ඇත. ඒ අනුව, එකී හවුලේ ආරම්භක සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධවීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.