• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉන්දීය රජයේ නිවාස ආධාර වැඩසටහන ය‍ටතේ වැවිලි ප්‍රජාව සඳහා නිවාස 10,000ක් ඉදිකිරීම
- ඉන්දීය රජයේ නිවාස ආධාර වැඩසටහන ය‍ටතේ වැවිලි ප්‍රජාව සඳහා ඉදිකිරීමට නියමිත නිවාස 10,000ක් සඳහා පානීය ජලය ලබා දීම, අභ්‍යන්තර ප්‍රවේශ මාර්ග සහ ජාතික විදුලිබල සැපයුමේ සිට විදුලිය ලබා දීම සහ බිම් ආරක්ෂා කිරීම සඳහා ඉදිකරනු ලබන බැමි සහ වැසි ජලය ගලා යාම සඳහා කාණු පද්ධතිය ඉදිකිරීම සඳහා එක් නිවසකට රු.150,000ක් බැගින් අමාත්‍යාංශයට වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ ලබා දෙමින් ආයෝජනය කිරීමටත්, යටිතල පහසුකම් සහිතව ඉන් නිවාස 5,000ක් ඉදිකිරීම සඳහා වන මුළු පිරිවැයෙන් 1.5%ක් යන ප්‍රමාණය වන රුපියල් මිලියන 86.25ක් ක්‍රියාත්මක කිරීමේ ගාස්තුව ලෙස වැවිලි මානව සංවර්ධන භාරයට ගෙවීම් කිරීමටත්, අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කර ඇති වාර්ෂික අයවැය ප්‍රතිපාදන ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා භාවිතා කිරීමටත් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.