• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අදාළ සියලු අංශ/උප අංශ ආවරණය වන කෘෂිකාර්මික ප්‍රතිපත්තිය
- දැනට පවතින කෘෂිකර්ම ප්‍රතිපත්තිය, කෘෂි බෝග අංශය සංවර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් 2007 වර්ෂයේදී සම්පාදනය කොට ඇත. ඒ අනුව නව වෙළඳ ප්‍රවණතාවන්ට සරිලන පරිදි සහ කාලීන අවශ්‍යතා සපුරාලන පරිදි සියලු අංශ / උප අංශ ආවරණය වන නව කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් හඳුන්වා දීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති අතර මහජන අදහස් ලබාගැනීමේ උපදේශකත්ව ක්‍රියාවලියක් හරහා එකී ප්‍රතිපත්ති කෙටුම්පත වැඩිදියුණු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා සහ කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ දැනගැනීම පිණිස ඉදිරිපත් කරන ලද ඒකාබද්ධ අමාත්‍යමණ්ඩල සටහන අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.