• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන් කරදීම
- කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන, ප්‍රාදේශීය මට්ටමෙන් කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කරගෙන ක්‍රියාත්මක වන ප්‍රධාන වැඩසටහනක් වේ. ඒ අනුව මෙම කර්මාන්තපුරවල ආයෝජනය කිරීම සඳහා එම අමාත්‍යාංශ ව්‍යාපෘති ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කර ඇති ආයෝජකයින් 18දෙනෙකුහට වසර 35ක බදු පදනම යටතේ අදාළ කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන්කර දීම පිණිස, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.