• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ නියුතු තරුණ තරුණියන් 10,000ක් සඳහා ව්‍යවසාය සංවර්ධන වැඩසටහන
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය රටේ තරුණ පරපුර අතර වඩා ප්‍රචලිත හා ආකර්ශණය දිනා ගෙන ඇති ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව එම ක්ෂේත්‍රය පිළිබඳ තරුණ තරුණියන්ට විශේෂ පුහුණුවක් ලබා දී ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව සලසා දීමේ අරමුණින් දිවයිනම ආවරණය වන පරිදි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධයෙන් නැඹුරුතාවක් දක්වන තරුණ තරුණියන් 10,000ක් තෝරා ගෙන ඔවුන් සඳහා විශේෂිත පුහුණුවක් ලබාදීමටත් ඔවුන්ගෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීම පිළිබඳ යෝජනාවක් ලබා ගෙන එය ඇගයීමකට ලක් කිරීමෙන් අනතුරුව සාර්ථක අයදුම්කරුවන් 3,000ක් තෝරාගෙන ඔවුන්ට ලැප්ටොප් පරිගණක, අන්තර්ජාල සබඳතා, අවශ්‍ය අනෙකුත් උපකරණ සහ මූල්‍යමය පහසුකම් ලබාදීමටත් සඳහා වන ව්‍යාපෘතියක් ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.