• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලණිය විශ්වවිද්‍යාලයේ සංවර්ධන කටයුතු සඳහා ඉඩමක් මිලදී ගැනීම
- කැලණිය විශ්වවිද්‍යාලයේ අලුතින් ආරම්භ කරන ලද පරිගණක හා තාක්ෂණ පීඨය දැනට පවත්වාගෙන යනු ලබන කුළී පදනම මත ලබා ගත් ගොඩනැඟිල්ලේ සහ පරිශ්‍රයේ ඉඩකඩ, සිසුන්ගේ අධ්‍යයන කටයුතු, සුබසාධන කටයුතු සඳහා මෙන්ම කාර්ය මණ්ඩලයට අත්‍යාවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ප්‍රමාණවත් නොවන බැවින්, එම අවශ්‍යතා සපුරාගත හැකි වන පරිදි විශ්වවිද්‍යාලයට කිලෝමීටරයක පමණ දුරින් කොළඹ-නුවර මාර්ගයට මුහුණ ලා පිහිටි, වර්ග ප්‍රමාණය අක්කර 2, රූඩ් 2, පර්චස් 11.60 ක් වන ඉඩමක්, රුපියල් මිලියන 539 ක් වූ රජයේ තක්සේරුගත මුදලට විශ්වවිද්‍යාලය විසින් උපයන ලද මුදලින් මිල දී ගැනීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.