• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඇමෙරිකා එක්සත් ජනපද රජය සමඟ එළඹි අංක 383 - 126 සහ අංක 383-127 දරන සහයෝගිතා ගිවිසුම්
- 'ප්‍රජාතාන්ත්‍රික යහපාලනය සහ සමාජ ඒකාබද්ධතාවය උදෙසා වූ සහයෝගිතාවය ශක්තිමත් කිරීමේ වැඩසටහන' සහ 'තිරසාර සහ ආවරණික ආර්ථික වර්ධනයක් ඇති කිරීමේ වැඩසටහන' ක්‍රියාත්මක කිරීමට ප්‍රදානයන් ලබා ගැනීම සඳහා 2011 දී ශ්‍රී ලංකා රජය, ඇමෙරිකා එක්සත් ජනපද රජය සමඟ සහයෝගිතා ගිවිසුම් දෙකකට එළඹී ඇත. එකී වැඩසටහන් සඳහා ලබා දෙන ලද දායකත්වය පිළිවෙලින් ඇමරිකානු ඩොලර් මිලියන 35.95 සිට 47.81 දක්වා සහ ඇමරිකානු ඩොලර් මිලියන 33.86 සිට 44.52 දක්වා වැඩි කරමින්, වැඩසටහන් අවසන් කිරීමේ දිනය 2022 දෙසැම්බර් මස 31 දින දක්වා දීර්ඝ කරමින් සහ තිරසාර සහ ආවරණික ආර්ථික වර්ධනයක් ඇති කිරීමේ වැඩසටහනෙහි අංගයක් ලෙස 'නවීන බලශක්ති සේවා' ඇතුළත් කරමින් අදාළ ගිවිසුම් සංශෝධනය සඳහා මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.