• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ LEPL ජෝර්ජියානු ජාතික සංචාරක පරිපාලන ආයතනය අතර සංචාරක ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුම
- වසර තුනක (03) කාලපරිච්ඡේදයක් සඳහා වලංගු වන හා ඉන් පසු තවත් වසර තුනක (03) කාලපරිච්ඡේදයක් සඳහා ස්වයංක්‍රීයව අලුත් වන, සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ LEPL ජෝර්ජියානු ජාතික සංචාරක පරිපාලන ආයතනය අතර අත්සන් කිරීම පිණිස සහ ඒ සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට බලය පැවරීම පිණිස සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.