• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය - ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව -
- කාර්මික හා වෘත්තීය අධ්‍යාපන පුහුණුව වෙත ප්‍රවේශ වීමට ඇති ඉඩ ප්‍රස්ථා වැඩි කිරීම හා සිසුන්ට පාසල් වෙතින් කාර්මික හා වෘත්තීය පුහුණු ආයතන වෙත යොමු වීමට අවස්ථාව ලබා දීම කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ අරමුණ වේ. වෙළඳපොළෙහි පවතින හා පිළිගැනීමට ලක් වී ඇති ක්ෂේත්‍ර සඳහා කර්මාන්තයේ ඉහළ සහභාගිත්වයකින් යුතුව විවිධ පුහුණු අවස්ථා ලබා දීම සහ ඒ ඒ ක්ෂේත්‍රයන්හි සිදු කරනු ලබන ආයෝජනයන්හි උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා පුහුණු ආයතනවල මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එමඟින් ඉඩ සැලසෙනු ඇත. මෙකී අරමුණු පෙරදැරිව රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි කාර්මික හා වෘත්තීය අධ්‍යාපන විශේෂඥයින්ගේ හා කර්මාන්ත ක්ෂේත්‍රයේ පුද්ගලයන්ගේ දායකත්වය හා පුළුල් පරාසයක උපදේශකත්වය ලබාගෙන සකස් කොට අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ කාර්මික හා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.