• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2020 වර්ෂයේදී නොමිලේ බෙදාහැරීමට අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණාල වෙත පැවරීම
- මුද්‍රණ ආයතනවලින් 2020 වර්ෂය සඳහා පෙළපොත් මුද්‍රණය කරගැනීම සඳහා විවෘත ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය ආරම්භ කර ඇත. ඒ අනුව, ලංසුකරුවන් ඉදිරිපත් කළ අවම ලංසු මිලද, කේවල් කිරීමෙන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව එකඟ වු අවම ලංසු මිලද, ලංසුකරුවන්ගේ මුද්‍රණ ධාරිතාවය සහ නියමිත කාලයට සපයා ගැනිම යන කරුණු ද, අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන තෝරා ගත් මුද්‍රණ ආයතන 29ක් වෙත පවරා පොළපොත් මුද්‍රණය කරවා ගැනීමට නිර්දේශ වී ඇත. එබැවින් 2020 වර්ෂය වෙනුවෙන් පාසල්වලට බෙදා හැරීමට නියමිත පෙළපොත්, අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්ණය කරන ලද ප්‍රසම්පාදන කාලසටහනට අනුව 2019 නොවැම්බර් 30 දිනට පෙර පාසල්වලට බෙදා හැරීමට හැකිවන සේ ඉහත කී මුද්‍රණ ආයතන 29 වෙත පවරා පෙළපොත් වර්ග 386කින් පිටපත් 33,712,100ක ප්‍රමාණයක් රුපියල් 3,982,299,535.00ක් වැය කර මුද්‍රණය කරවා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.