• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ශාඛා කාර්යාල සඳහා නව ගොඩනැඟිලි ඉදිකිරීම
- ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ කාර්යභාරය, 2009 වර්ෂයේ සිට ලබා ගන්නා ලද සැහැල්ලු වාහන බලපත්‍ර අලුත් කිරීම 2017 වර්ෂයේ මාර්තු මස සිට ආරම්භ කිරීම හේතුවෙන් තවදුරටත් පුළුල් වී ඇත. එබැවින්, වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීම සඳහා දිවයින පුරා ශාඛා කාර්යාල 25ක් පිහිටුවා ඇති අතර ගම්පහ, වේරහැර, කුරුණෑගල, මහනුවර හා අනුරාධපුර ශාඛා කාර්යාල සඳහා වැඩි සේවාලාභීන් පිරිසක් පැමිණෙති. ඒ අනුව, විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ අරමුදල් යොදා ගනිමින්, වේරහැර, කුරුණෑගල හා අනුරාධපුර ශාඛා සඳහා පෙර සවි ගොඩනැඟිලිද, ගම්පහ සහ මහනුවර ශාඛා සඳහා ස්ථිර ගොඩනැඟිලිද ඉදිකිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.